නත්තල
From Wikipedia, the free encyclopedia
නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනය වේ. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල මහා මංගල දේව මෙහෙයන් ඇතුලු අනෙකුත් මෙහෙයන් පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ.
Quick Facts නත්තල/නත්තල් දිනය, Also called ...
නත්තල/නත්තල් දිනය | |
---|---|
Also called | ජේසුස් වහන්සේගේ උප්පත්තිය නත්තල් උත්සවය උප්පත්ති මංගල්‍යය |
Observed by | කිතුනුවන්, බොහෝ අන්‍යාගමිකයින්[1][2] |
Type | ක්‍රිස්තියානි, සංස්කෘතික |
Significance | ජේසුස් වහන්සේගේ උපතේ සැමරුම |
Observances | ත්‍යාග දීම, දේව මෙහෙයයන්, පවුල් සහ අනෙකුත් සාමාජීක එක්රැස්වීම්, සංකේතාත්මක සැරසිලි |
Date | |
Frequency | වාර්ෂික |
Related to | නත්තල් පෙරරැය, ක්‍රිස්තුස්වහන්සේගේ උපත, ආගමන කාලය, රජවරුන්ට ප්රත්යක්ෂවීමේ මංගල්‍යය, බව්තිස්ම ස්ථාපන මංගල්‍යය |
Close
සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ ජනප්‍රිය චරිතයකි. එතුමා නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, මෙලෙස හඳුන්වන්නේ අතීතයේ ජීවත් වුනු සාන්ත නිකලස් තුමාවය. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි.