ද පෝස්ට්-මොඩර්න් ප්‍රොමිතියස්
දි එක්ස්-ෆයිල්ස් කථාංගය (වාරය 5, කථාංගය 5) / From Wikipedia, the free encyclopedia
"ද පෝස්ට්-මොඩර්න් ප්‍රොමිතියස්" (සිංහල: "පශ්චාත්-නූතන ප්‍රොමිතියස්") යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස් හි පස්වන කථාවාරයේ පස්වන කථාංගයයි. මෙහි මුල් විකාශය 1997 නොවැම්බර් 30 දින ෆොක්ස් රූපවාහිනී ජාලය ඔස්සේ සිදු විය. කතාමාලාවේ නිර්මාතෘ ක්‍රිස් කාටර් විසින් රචනා සහ අධ්‍යක්ෂණය කළ "ද පෝස්ට්-මොඩර්න් ප්‍රොමිතියස්" යනු "සතියේ රාක්ෂයා" වර්ගයේ කථාංගයකි. එනම් ස්වාධීන කථපුවතක් වන මෙය ද එක්ස්-ෆයිල්ස් හි පුරාණෝක්තිවේදය හා සම්බන්ධ නොවූවකි. මුල් විකාශයේදී ම මිලියන 18.68ක පිරිසක් නැරඹූ "ද පෝස්ට්-මොඩර්න් ප්‍රොමිතියස්" 11.5ක නීල්සන් ගෘහස්ථ ප්‍රමාණනයක් හිමිකරගත්තේ ය. 1998 එමී සම්මාන උළෙලේ දී සම්මාන හතක් සඳහා නිර්දේශ වූ මෙම කථාංගය එක් සම්මානයක් හිමිකරගත්තේ ය. මෙය සමස්තයක් ලෙස ධනාත්මක ප්‍රතිචාර ලැබී ය; ඇතැම් විචාරකයන් එය සම්භාව්‍ය කෘතියක් යැයි නම් කරද්දී තවකෙක් එය වැඩසටහනේ පස්වන කථාවාරයේ වඩාත්ම විස්මය දනවන තනි කථාංගය යැයි පැවසූහ.
ද එක්ස්-ෆයිල්ස් කථාංගය | |||
කථාංග අං. | කථාවාරය 5 කථාංගය 5 | ||
---|---|---|---|
අධ්‍යක්ෂණය කළේ | ක්‍රිස් කාටර් | ||
රචනා කළේ | ක්‍රිස් කාටර් | ||
නිෂ්පාදන කේතය | 5X06[1] | ||
මුල් තිරගත දිනය | නොවැම්බර් 30, 1997 | ||
ධාවන කාලය | මිනිත්තු 46[2] | ||
| |||
|
කථාව ගෙතී ඇත්තේ එක්ස්-ෆයිල් නැමැති අස්වාභාවික සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කරන එෆ්බීඅයි විශේෂ නියෝජිත ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩකෝව්නි) සහ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) වටා ය. මෝල්ඩර් මෙම පාරස්වාභාවික සිදුවීම් පිළිබඳ විශ්වාස කරන්නකු වන අතර සංශයවාදී ස්කලීව මුලින් පත්කොට තිබුණේ ඔහුගේ බොරු හෙළිදරව් කිරීමටයි. මෙම කථාංගයේ දී මෝල්ඩර් සහ ස්කලී මැදිවියේ කාන්තාවක ගැබ්ගැන්වූයේ යැයි පැවසෙන අද්භූත ජීවියකු පිළිබඳ විමර්ශනය කරති. එහිදී ඔවුන් අනාවරණය කරගන්නේ ද ග්‍රේට් මුටේටෝ යැයි නම්කළ එම "රාක්ෂයා" සැබැවින්ම ෆ්‍රැන්කන්ස්ටයින්-ආකාරයේ වෛද්‍යවරයකුගේ ජානමය නිර්මාණයක් බවයි. මුලින් ප්‍රතික්ෂේප වුව ද, පසුව ජනයා ද ග්‍රේට් මුටේටෝව පිළිගනිති.
Carter's story draws heavily on Mary Shelley's Frankenstein and particularly on James Whale's 1931 film version of the story. The script had been written specifically with singer Cher and actress Roseanne Barr in mind, but both were unavailable at the time of shooting. Talk-show host Jerry Springer appeared as himself, and Chris Owens—who appeared in later episodes as FBI agent Jeffrey Spender—played The Great Mutato. The episode was filmed in black-and-white, with a sky backdrop created to imitate the style of old Frankenstein films. Owens wore makeup and prosthetics that took several hours to apply.