දේපළ වෙළඳාම්
From Wikipedia, the free encyclopedia
දේපළ වෙළඳාම්, (ඉංග්‍රීසි: real property, real estate) මෙය එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ඩුබායි, කැනඩාව වැනි බොහෝ රටවල නෛතිකව භාවිතා වන යෙදුමකි. මේ යටතේ බොහෝ නෛතිකමය අණ පනත් ක්‍රියාත්මක වීම ඊට හේතුවයි.
ප්‍රධාන වශයෙන් භූමිය , එහි ඇති ගොඩනැගිලි හෙවත් මිනිස් ඉදිකිරීම් , වගාවන් , ඛනිජ සම්පත් හෝ ජලය වැනි ස්වාභාවික සම්පත් , නිශ්චල සම්පත් ආදිය මේ යටතට අයත්වේ.සාමාන්‍යයෙන් ගොඩනැගිලි සහ නිවාස මේ යටතේ සකච්ඡා කෙරේ. දේපළ වෙළඳාම සැළකීමෙදී, ගොඩනැගිලි සහ නිවාස විකිණීම, කුලී පදනමට ලබාදිම, මිලට ගැනීම හැදින්විය හැක.