දෙවි දේවතාවියෝ
From Wikipedia, the free encyclopedia
දෙවියන්වහන්සේ සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
දෙවියෝ සහ දේවතාවියෝ යනු ශුද්ධවූ, දිව්‍යමය හෝ පූජනීය අධිතාත්වික පැවැත්මකි.[1] දෙවියන් පිළිබද සංකල්පය විවිධ සංස්කෘතීන් අනුව නිර්වචනය කරඇති ආකාරය විවිධය. ඇතැම් සංස්කෘතීන් ඒකදේවාදයක් අදහන අතර එකම සර්වබලධාරී දෙවියකු විසින් සියල්ල පාලනය කරන බවත් විශ්වාස කරති.තවත් සංස්කෘතීන් තුල බහුදේවවාදයක් විශ්වාස කරන අතර දෙවිවරු කිහිප දෙනකු හෝ විශාල ප්‍රමාණයක් සිටිනබව විශ්වාස කරති. තවත් සංස්කෘතීන්තුල ස්වශාව ධර්මයේ ඇතැම් ප්රපංචයන්ට දේවාත්වය අරෝපණය කර ඇතිබව දක්නට ලැබේ.තවත් සංස්කෘතීන්තුල මිහිතලය මත ජීවත්වූ එක්තරා මනුෂයන් මියගියපසු දේවත්වය ආරෝපණය කරනු ලබයි.තවද ජීවමාන මනුෂ්‍යයන්ට හෝ සතුන්ට දේවත්වය ආරෝපණය කරඇති අවස්තාද ඇත.