ද්වාරය:සිතියම්
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2023 දෙසැම්බර්)
|
හැඳින්වීම
සිතියම් (ඉංග්‍රීසි: Map) යනු නිශ්චිත පරිමාණයක් සහිත පැතලි තලයක දර්ශනය වන පෘථිවි පෘෂ්ඨයේ පින්තූරයකි. [1] සාම්ප්‍රදායික මුද්‍රිත සිතියම්වල සිට පරිගණක තිරයක දිස්වන ඩිජිටල් සිතියම් දක්වා විවිධ ආකාරවලින් සිතියම් ඉදිරිපත් කළ හැක. සිතියම යන පදය පැමිණෙන්නේ ග්‍රීක වචනයක් වන mappa වලින් වන අතර එහි තේරුම මේස රෙදි හෝ රෙදි යන්නයි. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් සිතියමක අර්ථය වන්නේ යම් පරිමාණයකින් අඩු කරන ලද පැතලි තලයක පෘථිවි පෘෂ්ඨයේ සම්පූර්ණ හෝ කොටසක පත්රයකි. සිතියමක් යනු ත්‍රිමාන අවකාශයක ද්විමාන නිරූපණයකි. සිතියම් සෑදීමේ විද්‍යාව සිතියම් විද්‍යාව ලෙස හැඳින්වේ. බොහෝ සිතියම් වල පරිමාණයක් ඇත, එය සිතියමේ ඇති විශාල වස්තූන් කෙතරම් විශාලද යන්න තීරණය කරයි. සිතියම් කිහිපයක එකතුවක් ඇට්ලස් ලෙස හැඳින්වේ.
තෝරාගත් ලිපි
- Image 1සිතියම් විද්‍යාව හෝ සිතියම් නිර්මාණකරණය (ඉංග්‍රීසි: Cartography) යනු පෘථිවිය පැතලි මතු පිටක යලි ඉදිරිපත් කිරීමේ අධ්‍යයනයන් හා ප්‍රායෝගික භාවිතයන්ය. (ග්‍රීක් භාෂාවෙන් මෙහි අර්ථය සිතියම් ලිවීම යන්නයි) මෙයින් තොරතුරු කාර්යක්ෂමව හා වේගයෙන් සන්නිවේදනය කළ හැකිය. සමබර හා කියවිය හැකි යලි ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීම සඳහා විද්‍යාව සෞන්දර්යය හා තාක්ෂණික හැකියාවන් සංයෝජනය කිරීමක් සිතියම් විද්‍යාවේදී සිදුවේ.
සිතියම් නිර්මාණකරණයේදී මුහුණ දීමට සිදුවන එක් ගැටලුවක් නම් පෘථිවිය මතුපිට ත්‍රිමාණ අවකාශයේ වක්රාකාර ස්වරූපයක් ගැනීමේ සරල යථාර්තයයි. නමුත් පැතලි මතුපිටක් තුළදී එය ද්වීමානව යලි ඉදිරිපත් කළ යුතුය. මෙහිදී අවශ්‍යයෙන්ම යම් ප්‍රමාණයක විරූපණයක් ඇති විය යුතුය. නමුත් ප්‍රක්ෂේපණයන් භාවිතයෙන් විරූපණය යම්තාක් දුරකට අවම කරගත හැකිය. තවදුරටත් පෘථිවිය ගණිතමය ගෝලයක් නොවේ. එහි ස්වරූපය ජ්යාභයක් වශයෙන් හැඳින්වේ. එනම්, වඩාත් අක්‍රමවත් නමුත් නිෂ්චිතව දැනගත හැකි හා ගණනය කළ හැකි ස්වරූපයකි. (තව දුරටත්...) - Image 2
- Image 3
කොන්ග්රස් පුස්තකාලය එසේත් නැත්නම් ලයිබ්‍රරි ඔෆ් කොන්ග්රස් (ඉංග්‍රීසි: Library of Congress, LOC) යනු එක්සත් ජනපද කොංග්රස් මණ්ඩලයට (United States Congress) නිල වශයෙන් සේවා සැපයීම සඳහා වන පර්යේෂණ පුස්තකාලය කි. එසේම මෙය ඇමරිකාවේ de facto ජාතික පුස්තකාලය වේ. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සිතියම් සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- Mulyani 2018, පිටු අංක: 9.