දන්තුරේ සටන
පෘතුගීසීන් හා ලංකාවේ මහනුවර රාජධානිය අතර සටන් මාලාව / From Wikipedia, the free encyclopedia
දන්තුරේ සටන ලෙස හැඳින්වෙන්නේ පෘතුගීසින් හා ලංකාවේ මහනුවර රාජධානිය අතර 1594 දී ඇති වූ සටන් සමුදායකි. එය සිංහල-පෘතුගීසි යුද්ධයේ කොටසක් විය. දන්තුරේ සටන පෘතුගීසි ආක්‍රමණයට විරුද්ධව දේශීය නැගීසිටීමේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සලකනු ලැබේ. ලොව පළමු වතාවට එකල ප්‍රබල ජාතියක් වූ පෘතුගීසින්ගේ හමුදාවක් සිංහල හමුදාව හමුවේ සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව විනාශ වූ අතර එය ඔවුන් මුළු දිවයිනම ජයගැනීමට ඉතා ආසන්නව සිටි ශක්තිමත් අවස්ථාවක සිදුවීමද විශේෂත්වයකි.[11]
දන්තුරේ සටන 1594 | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
| මහනුවර රාජධානිය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
පේරෝ ලෝපෙස් ද සූසා † ෆ්රැන්සිස්කෝ ද සිල්වා ඩී. ගැස්ටාවෝ කූටිඤ්ඤෝ † ෆ්රැන්සිස්කෝ ද බ්‍රිටෝ † ජයවීර බණ්ඩාර මුදලි † |
පළමුවන විමලධර්මසූරිය රජ ඒකනායක මුදලි කැප්පෙටිපොළ දිසාව මඩුගල්ලේ දිසාව පිලිමතලාවේ දිසාව | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
On 5 ජූලි 1594
8 ඔක්තෝබර්,1594 වන විට
|
5 ජූලි 1594 10,000–20,000 මිනිසුන් [8] (estimates range up to 40,000)[9] | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
අතළොස්සක් වූ පෘතුගීසින් හා ලස්කිරිඤ්ඤයන් පිරිසක් නැවත කොළඹට පලා ගියහ ; 93ක් පෘතුගීසින් අල්ලාගන්නා ලදී; ලස්කිරිඤ්ඤයන් බහුතරය යුද්ධය අතහැර පලා ගියහ.; හමුදාවේ ඉතිරිය ජීවිතක්ෂයට පත් විය [10] | නිවැරදි සංඛ්‍යා නොදනී |
ආණ්ඩුකාර පේරෝ ලෝපේස් ද සූසා විසින් මෙහෙයවනු ලැබූ 20,000 ක ප්‍රබල පෘතුගීසි හමුදාවක් විසින් 1594 ජූලි 5 වනදා මහනුවර ආක්‍රමණය කරන ලදී. ඉන් මාස 3කට පසු සිංහලයන්ගේ ගරිල්ලා සටන් සහ සිය හමුදා සෙබලුන්ගේ යුද්ධය අතරහැර පලායාමෙන් අනතුරුව ප්‍රමාණයෙන් අඩුවී ඉතුරු වී සිටි පෘතුගීසි හමුදාව දන්තුරේ සටනේදී විමලධර්මසූරිය රජු විසින් මෙහෙයවන ලද මහනුවර සිංහල සේනාව විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. මෙම ජයග්‍රහණයත් සමඟ මහනුවර රාජධානිය යුදමය ශක්තිය අතින් ඉස්මතු වූ අතර එය පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආක්‍රමණ වලට මුහුණ දෙමින් 1815 උඩරට ගිවිසුමෙන් රට බාර දෙන අවස්ථාව දක්වා සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් විය. [12]