ඩෙන්මාර්ක රජ පවුල
From Wikipedia, the free encyclopedia
ඩෙන්මාර්ක රජ පවුලේ ප්‍රධානියා දෙවන මාග්‍රෙත් රැජින වේ. දෙවන මාග්‍රෙත් රැජින හැර ඩෙන්මාර්ක රාජකීය පවුලේ සියලුම සාමාජිකයින් ඩෙන්මාර්කයේ කුමරු/කුමරිය හෝ මොන්පෙසාට් හි කවුන්ට්වරයා/කවුන්ටස්වරිය යන පදවි නාමය දරයි . රජතුමාගේ දරුවන්, දරුවන්ගේ භාර්යාවන් සහ කිරුළ හිමි කුමරුගේ දරුවන් His /Her Royal Highness යන විලාසය පිරිනමනු ලබන අතර රාජවංශයේ අනෙකුත් කුමර,කුමරියන් His/Her Highness ලෙස ආමන්ත්‍රණය කරනු ලැබේ. කුමර,කුමරි පදවි නොදරන මොන්පෙසාට්හි කවුන්ට්වරයා/කවුන්ටස්වරිය යන පදවි පමණක් දරන රජ පවුලේ සමාජිකයන් His/Her Excellency ලෙස ආමන්ත්‍රණය කරනු ලැබේ. රැජින Her Majesty ලෙස ආමන්ත්‍රණය කරයි .
රැජින, රැජිනගේ සහෝදර සහෝදරියන් සහ රැජිනගේ පරම්පරාව ඕල්ඩන්බර්ග් රාජවංශයේ ශාඛාවක් වන ග්ලූක්ස්බර්ග් රාජවංශයට අයත් වේ . රැජිනගේ දරුවන් සහ පිරිමි පරම්පරාවෙන් පැවත එන්නන් ද ලැබෝර්ඩ් ද මොන්පෙසාට් පවුලට අයත් වන අතර , 2008 අප්‍රේල් 30 වැනි දින රාජකීය නියෝගයෙන් ඔවුන්ට මොන්පෙසාට්හි කවුන්ට්වරයා/කවුන්ටස්වරිය යන පදවි නාමය ලබා දෙන ලදී .