ටිබෙට්
From Wikipedia, the free encyclopedia
ටිබෙට් යනු ඊසාන හිමාලයානු කඳුවැටිය ආශ්රිතව පිහිටි ප්රදේශයකි. මෙම ප්රදේශය තිබ්බත බසින් භෝ(བོད་) ලෙස ද, චීන බසින් ශී ද්සං(西藏) ලෙස ද හඳුන්වනු ලැබේ. තිබ්බතීය ප්රදේශ ආශ්රිත ව මානව ශිෂ්ටාචාරය වසර 21,000 කට පමණ පෙර ඇරඹුණේ යැයි සැළකේ. ටිබෙටය මාතෘභූමිය කොටගත් තිබ්බත ජනයා මෙන්ම, මොන්පා, චියං සහ ළෝබා ගෝත්ර ද, වත්මන වනවිට චීන හන් සහ හු-එයි ජනයා ද ටිබෙට් ප්රදේශයේ ජීවත් වේ.
Quick Facts
|
Close
Quick Facts ටිබෙට්, Chinese name ...
Close
මෙම ලිපිය තුළ Tibetan alphabet අන්තර්ගත ය. නිසි ප්රදර්ශන සහාය නොමැති විට, ඔබට question marks, boxes, or other symbols Tibetan characters වෙනුවට දිස්වනු ඇත.
තිබ්බත ආර්ථිකය රඳාපවතින්නේ ස්වයංපෝෂිත කෘෂිකර්මය හා මෑතක සිට ජනප්රිය වූ සංචාරක කර්මාන්තය මත ය. ටිබෙටයේ ප්රධාන ආගම ටිබෙට් බුදුදහම වන අතර එය ටිබෙට් බොන්දහමත් සමඟ බැඳී පවතියි. තිබ්බතීය භාෂාවන් ලිවීමට ප්රාදේශීය ලිඛිත අක්ෂර ක්රමය වන තිබ්බත හෝඩිය ටිබෙට් ප්රදේශයන්හි භාවිතා වේ.