ජෙනරාල්ප්ලාන් ඔස්ට්
From Wikipedia, the free encyclopedia
ජෙනරාල්ප්ලාන් ඔස්ට්, කෙටි යෙදුම ජීපීඕ, යනු වර්ග සංහාරය සහ මහත් පරිණාමයකින් වාර්ගික විශුද්ධිකරණය සහ ජර්මානුවන් විසින් මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයෙහි විජිතවාදය සඳහා නාසි ජර්මානු රජයෙහි සැලැස්ම වෙයි [1]. දෙවන ලෝක යුද්ධය අතරතුර ජර්මනිය විසින් අධිවාසය කෙරුණු භූමිප්‍රදේශ තුල එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. යුද්ධය අතරතුර මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ප්රයත්න දැරුනු අතර, එය හේතුවෙන් සෘජු හා වක්‍ර අයුරින් මිලියන ප්‍රමාණයක ඝාතන වෙඩි තැබීමෙන්, නිරහාරයෙහි තැබීමෙන්, රෝග හේතුවෙන්, ශ්‍රම කාර්යය තුලින් මූලෝත්පාඨනය, සහ වර්ග සංහාරය තුලින් සිදු විය. කෙසේවෙතත්, ප්‍රධාන හමුදාමය ක්‍රියාන්විතයක් අතරතුර එහි සම්පූර්ණ ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික යැයි නොසලකන ලද අතර, ජර්මනියෙහි පරාජය නිසා එය සිදු වීම වැලැක්විණි. [2] [3] [4]
නැගෙනහිර සඳහා ප්‍රධාන සැලැස්ම | |
කාල සීමාව | 1941–1945 |
---|---|
පිහිටුම | නාසි ජර්මනිය විසින් පාලනය කෙරුණු භූමි ප්‍රදේශ |
වර්ගය | වර්ග සංහාරය සහ වාර්ගික විශුද්ධිකරණය |
හේතුව | ලේබන්ස්රෝම් සහ හයිම් ඉන්ස් රයිෂ් |
අනුග්‍රාහක(යන්) | ඇඩොල්ෆ් හිට්ලර් |
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරවීමෙහි මාර්ගෝපදේශ පදනම්ව තිබූයේ ඇඩොල්ෆ් හිට්ලර් විසින් සහ නාසි පක්ෂය විසින් ජර්මානු ව්‍යාප්තවාද මතවාදයෙහි ඩ්රන්ග් නාහ් ඔස්ටන් (නැගෙනහිර දෙසට සීඝ්‍ර ගමන) මුදුන්පත්වීමට සැලසුම් කර තුබූ ලේබන්ස්රෝම් ප්‍රතිපත්තිය මතය. එබැවින්, එය යුරෝපයෙහි නව පිළිවෙළෙහි කොටසක් වීම බලාපොරොත්තු වුණි. [5]
මෙම සැලසුම, ප්‍රගතිය අනුව සැකසුනු කර්තව්‍යයක් විය. එය ක්‍රියාත්මක වෙමින් කාලය ගෙවෙද්දී සකස්වූ ඥාත අනුවාද සතරක් පිළිබඳ දැනට අවබෝධ කරගෙන ඇත. පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසුව, ජෙනරාල්ප්ලාන් ඔස්ට් (ජීපීඕ) සඳහා මුල් නිල්පත 1940 වසරෙහි මධ්‍ය භාගයෙහිදී ආර්කේඑෆ්ඩීවී විසින් නාසි–සෝවියට් ජනගහණ සංක්‍රාම අතරතුර සාකච්ඡාවට ලක් කරන ලදි. ජෙනරාල්ප්ලාන් ඔස්ට් (ජීපීඕ) සඳහා දෙවන ඥාත අනුවාදය 1942 අප්‍රේල් මාසයෙහිදී ආර්එස්එච්ඒ විසින් එයාහාර් වෙට්සල් (de) වෙතින් සපයාගන්නා ලදි. තුන්වන අනුවාදය නිල වශයෙන් 1942 ජූනි ලෙසින් දාතම දැරීය. නැගෙනහිර ජනපදකරණය සඳහා අවසන් ප්‍රධාන සැලැස්ම ආර්කේඑෆ්ඩීවී වෙතින් එළිදැක්වුනේ 1942 ඔක්තොම්බර් 29 දිනදීය.