චොම්සොංදේ
From Wikipedia, the free encyclopedia
චොම්සොංදේ යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ ග්යොංජුහි පිහිටි තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයකි. චොම්සොංදේ යන්නෙහි අර්ථය කොරියානු බසින් තාරකා-නිරීක්ෂණ කුළුණ යන්නයි. ආසියාවේ ශේෂව පවත්නා පැරණිතම තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය ද චොම්සොංදේ ය.[1][2][3] එය ලෝකයේ පවත්වා නිරුපද්‍රිතව ඇති පැරණිතම තාරකා විදයා නිරීක්ෂණාගාරය වීමට ද ඉඩ ඇත.[4][5][6] මෙය ඉදි වූයේ ක්‍රි.ව. 7වන සියවසේ සිල්ලා රාජධානි යුගයේ ය. සිල්ලාවේ අගනුවර වූයේ සොරබොල් හෙවත් වර්තමාන ග්යොංජු ප්රදේශයයි. 1962 දෙසැම්බර් 20 දින චොම්සොංදේ නිරීක්ෂණාගාරය කොරියාවේ 31වන ජාතික වස්තුව ලෙස නම්කෙරිණි.[7] වර්තමානයේ දක්නට නොලැබෙන, ඓතිහාසික මූලාශ්‍රයන්හි පමණක් හමුවන බෙක්ජේහි ජොම්සොංදේ ආදර්ශයට ගනිමින් චොම්සොංදේ නිරීක්ෂණාගාරය ඉදිකොට ඇත. චොම්සොංදේහි ආභාසය ලබා 675දී ජපන් නිරීක්ෂණාගාරයක් සහ 723දී චීනයේ චෞ ආදිපාදවරයාගේ නිරීක්ෂණාගාරය ඉදි විය.[8]
චොම්සොංදේ | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 첨성대 |
හන්ජා | 瞻星臺 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Cheomseongdae |
මැකූන්–රයිෂවර් | Ch'ŏmsŏngdae |