![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/78/People%2527s_Republic_of_China_%2528orthographic_projection%2529.svg/langsi-640px-People%2527s_Republic_of_China_%2528orthographic_projection%2529.svg.png&w=640&q=50)
ගෝලීයකරණය සහ චීනයේ කාන්තාවන්
From Wikipedia, the free encyclopedia
චීනයේ කාන්තාවන් හට ගෝලීයකරණයේ බලපෑම යන මෙම අධ්‍යයනය මගින් අධ්‍යනය කරනු ලබන්නේ විසි වෙනි ශතවර්ෂයේදී ගෝලීයකරණය නිසා චීන කාන්තාවන්ගේ සිදුවූ සමාජීය හා දේශපාලන පෙරලියයි. ගෝලීයකරණය යනු වෙළඳ, ආයෝජන හා තොරතුරු තාක්ෂණ [1] ක්ෂේත්‍ර මගින් බලගැන්වූනු, පුද්ගල, භාණ්ඩ, සමාජීය හා රාජතාන්ත්‍රික සංකලනයයි. ගෝලීයකරණය හේතු කොට ගෙන චීන කාන්තාවන්ගේ අයිතීන් බලපෑම ට ලක්වෙන අතර ගෳහස්ථ දිවියට අදාළ විවාහය සහා ප්රථමජන්මාධිකාරය මෙන්ම, වෘත්තීය දිවිය ද බලපෑමට ලක්විය. නූතන ගෝලීයකරණ ක්‍රියාවලිය තුලදී මෙම විපර්යාස හේතුකොටගෙන ජීවන තත්වයන් හා කාන්තාවන්ට හිමි අවස්ථාවන් නොයෙක් කාලවකවානු වල දී යම් වෙනස්කම්වලට භාජනය විය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/78/People%27s_Republic_of_China_%28orthographic_projection%29.svg/320px-People%27s_Republic_of_China_%28orthographic_projection%29.svg.png)
පවතින දේශපාලන තත්වයන් සහා මතවාදීය මූලධර්ම මත ස්ත්‍රී සහා පුරුෂයන්ට සමාජයේ ලැබෙන ස්ථානය තීරණය වේ. පෙරදිග මහත් බලපෑමක් කල කොන්ෆියුශියානු වාදය අධිරාජ්‍ය සමය (221-206 ක්‍රි.වූ) තුල පැවති අතර, සදාචාරය, චරිතය, සමාජ සම්බන්ධතාව, යථා තත්වය,[2] ජෙන්(jen) (මානව හිතවාදීත්වය), සමානාත්මතාවය සහ සැමටම අධ්‍යාපනය, කොන්ෆියුශියානු වාදයෙන් අවධාරණය කෙරිනි.[3] නව-කොන්ෆියුශියානු වාදීන් සහ අධිරාජ්‍යවාදී පාලයකයන් මෙම මතයන් විශේෂයන්ම පවුල් පසුබිමේදී කාන්තාවන්ව කායික සහ සමාජීය වශයෙන් මර්ධනය කිරීම සදහා යොදාගන්නා ලදී. 19වෙනි සහ 20වෙනි ශතවර්ෂ වලදී චීන රජය ගෝලීයකරණයට නතු වීමත් සමගම මෙම සාම්ප්‍රදායික කොන්ෆියුශියානු මත සහ කාන්තාවගේ සමාජීය භුමීකාව වෙනසකට භාජනය විය. මඔ ත්සේ-තුං(Mao Zedong) 1949දී චීන මහජන ජනරජය ස්ථාපනය කර පසු සාම්ප්‍රදායික මඔගේ මරණයෙන් පසුව කොමියුනිස්ට් වාදය පාලනය ආරම්භ වූ අතර වාණිජ, දේශපාලන සහ සමාජීය අංශයන්ගෙන් අන්තර්ජාතික මතිමතාන්තරයන්ගේ ආගමනයක් සිදුවිය.[4] 80 වෙනි දශකයේ පටන් නව කොමියුනිස්ට් පාලනය යටතේ, කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරය නව පණක් ලබා ජාතික කර්තව්‍යයක් ලෙස නවීකරණය ප්‍රකට කරයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/20/Crowded_Nanjing_Road_in_Shanghai.jpeg/320px-Crowded_Nanjing_Road_in_Shanghai.jpeg)
ගම්බඳ පෙදෙස්හි තේ සහ වී වගාවන් සදහා කාන්තාවන් පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ සාම්ප්‍රදායික ගොවිතැනට හවුල් වෙති. නගරයන්හි, කර්මාන්ත ශාලාවල රැකියාකරන කන්තාවන්, නිවෙසින් බැහැරව වාසය කරති. මෙම කම්හල් සේවයිකින්ගෙන් බහුතරයක්, තම නිවෙස් වලට අදායම උපයන තරුණියන් ය. කර්මාන්තශාලා වල කාන්තා අයිතීන් සුරැකීම සඳහා වෘතීය සංගම් සහ සංවීධාන පිහිටවා ඈත. එම කාන්තාවන් තම නිවෙස් වල දරුවන් රැක බලාගෙන සහ ඉයුම් පියුම් කටයුතු සිදු කරනු ලැබේ.