ගාලු කොටුව වටලෑම (1640)
From Wikipedia, the free encyclopedia
1640 වර්ෂයේ දී ගාල්ලේ පෘතුගීසි කොටුව හෙවත් සැන්ටා කෲස් ඩි ගෝල් වටලෑම, ලන්දේසි–පෘතුගීසි සහ සිංහල–පෘතුගීසි යුද්ධ සමයේ දී සිදු වූ සිදුවීමකි. ගාලු කොටුව යටතේ දකුණු ශ්‍රී ලංකාවේ ඉතා සශ්‍රීක ව කුරුඳු වගා කළ බිම් ඇතුළත් ගම් 282 ක් පැවතිණි[14] එය පෘතුගීසි ලංකාවේ වැදගත් වෙරළබඩ යුධෝපායික ආරක්ෂක ප්‍රදේශයක් විය[15] උඩරට රාජධානිය සමග සන්ධානගත වී සිටි ලන්දේසීන් විසින් කොමදෝරුවරයෙකු වූ ආකර්ස්ලූට් හි විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර් යටතේ කාර්ය සාධක හමුදාවක් 1640 මාර්තු 8 වන දින ගාලු බොක්කට ගොඩ බස්වන ලදී. පිට පිට සිව් දිනක් කොටුවට කාලතුවක්කු ප්‍රහර එල්ල කර 1640 මාර්තු 13 දින කොටුවට කඩාවැදි ලන්දේසි භටයන් ජය තහවුරු කර ගත්තේ ය. කැප්ටන් ලොරෙන්සෝ ෆෙරෙයිරා ඩි බ්‍රිටෝගේ නායකත්වයෙන් යුතු වූ පෘතුගීසි ආරක්ෂක හමුදාව ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල කළ අතර බලාපොරොත්තු නොවූ පරිදි ලන්දේසි භටයින්ට වූ මහත් හානිය නිසා “රත්රන් මලක්කාවේ, ඊයම් ගාල්ලේ” (Gold in Malacca, lead in Galle) නම් පිරුළක් ද ඇතිවිය.[11][සටහන 1] මෙම ජයග්‍රහණය සමග ලන්දේසීන් පසු කලෙක ගෝව හා දකුණු ඉන්දියාවේ පෘතුගීසි ආරක්ෂක මධ්‍යස්ථාන වලට පහර දීමට පහසු නාවික මූලස්ථානයක් ලෙස භාවිත කළ විශාල තොටුපොළක් පාලනයට නතුකර ගත්තේය. එසේම ඔවුන් ශ්‍රී ලාංකික කුරුඳු වෙළඳාම පාලනයට යටත් කර ගත් අතර දූපතේ ස්ථිර භූමි භාගයක් ද හිමිකර ගත්තේය.[8]
ගාලු කොටුව වටලෑම (1640) | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම උඩරට රාජධානිය | |||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර් ඒඩ්‍රියන් කොර්නේලියෝ දෙවන රාජසිංහ |
ලොරෙන්සෝ ෆෙරෙයිරා ඩි බ්‍රිටෝ, ෆ්රැන්සිස්කො ඩි මෙන්ඩොන්සා මනුවෙල් † | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
මුළු බලසේනාව |
බලකොටුවේ ආරක්ෂක හමුදාව අතිරේක භටයන් | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
යුරෝපීය සෙබළුන් 450 ක් පමණ මරණයට පත්විය[2][8] (1350ක් පමණ තක්සේරු කර ඇත),[9][10] විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය[11] යුරෝපීය නොවන හමුදවලට සිදුවූ හානිය නොදනී |
පෘතුගීසීන් 170 ක් මියගියේය,[11][12] සෙබළුන් හා සිවිල් වැසියන් 700 ක් අල්ලාගනු ලැබීය[13] යුරෝපීය නොවන හමුදවලට සිදුවූ හානිය නොදනී |