කොලින් මෝගන්
From Wikipedia, the free encyclopedia
කොලින් මෝගන් (උපත 1986 ජනවාරි 1) උතුරු අයර්ලන්ත රංගන ශිල්පියෙකි. ඔහු බීබීසී (BBC) මර්ලින් (2008-2012) ෆැන්ටසි රූපවාහිනී කතා මාලාවේ හී ප්‍රධාන චරිතය, හියුමන්ස් (මිනිසුන්) (2015-2018) හී ලියෝ එල්ස්ටර් සහ කෙනෙත් බ්රෑනාග් ගේ බෙල්ෆාස්ට් (2021) හි බිලී ක්ලැන්ටන් නිරූපණය කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධය.
මෝගන් 2007 දී ඩිබිසි පියර් ගේ වර්නන් ගෝඩ් ලිට්ල් හි ප්‍රධාන චරිතය තුලින් ලන්ඩන් රංග ශාලාවට පිවිසියේය. තවද ඔහු 2007 දී පෙඩ්රෝ අල්මඩොවාර් ගේ තෝදෝ සොබ්රරෙ මී මාද්රරේ ("ඕල් අබවුට් මයි මදර්" ), 2008 දී තෝමස් බාබේ ගේ අ ප්‍රේයර් ෆොර් මයි ඩෝඩටර්, 2011 දී පෙඩ්රෝ මිගෙල් රෝසෝ ගේ අවර් ප්රිවෙට් ලයිෆ් , 2012 දී ද ඕල්ඩ් වික් හී පැවැත්වුනු ට්වෙන්ටිෆොර් හවර් මියුසිකල් සෙලබ්‍රිටි ගාලා හී ස්ටෙප් ඉන් ටයිම්, 2013 දී ෂේක්ස්පියර් ගේ ද ටෙම්පෙස්ට් සහ 2013 සහ 2014 කාලය තුළ ජෙස් බටර්වොර්ටත් ගේ මෝජෝ යන රඟහල නාට්‍ය නිෂ්පාදන සඳහා පෙනී සිටියේය.
2008 ජූලි මාසයේදී ස්ක්‍රීන් ඉන්ටර්නැශනල්(බ්‍රිතාන්‍ය චිත්‍රපට සඟරාව) විසින් මෝගන් "ස්ටාර් ඔෆ් ටුමෝරෝ" (හෙට දවසේ තරුව) ලෙස නම් කරන ලදී. 2009, 2010, සහ 2011 යන වසරයන් හීදී මර්ලින් හි ඔහුගේ රංගන දායකත්වය වෙනුවෙන්, මොන්ටේ ක්ලාරෝ ටීවී ෆෙස්ටිවල් සම්මාන උළෙලේ හි කැපී පෙනෙන නළුවා (ටෙලි නාට්‍ය) සඳහා ඔහු ගේ නම නිර්දේශ වූ අතර 2013 දී ජාතික රූපවාහිනී සම්මාන උළෙලේ (බ්‍රිතාන්‍ය) හොඳම ටෙලිනාට්‍ය නළුවා ලෙස ඔහු තේරී පත්වන ලදී.