කුරුඳු වත්ත
From Wikipedia, the free encyclopedia
කුරුඳු වත්ත යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ නගර මධ්‍යයේ සිට කිලෝ මීටර 3 ක් පමණ අග්නිදිග දිශාවෙන් පිහිටයි. අතීතයේ මෙම ප්‍රදේශය තුල කුරුඳු වගාකර තිබීම හේතුවෙන් කුරුඳු වත්ත යන නාමය මීට ලැබී තිබේ. වර්ෂ 1789 වන විට මෙහි අක්කර 289 ක පමණ ප්‍රමාණයක කුරුඳු වගා කර තිබූ බව පැවසෙයි.
Quick Facts කුරුඳු වත්ත Cinnamon Gardens, රට ...
කුරුඳු වත්ත Cinnamon Gardens | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය |
තැපැල් කේතය | 00700 [1] |
Close
වර්ථමානයේ අග්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ නගර ශාලාව, සහ බොහොමයක් විදෙස් තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල රැසක්ද මෙම ප්‍රදේශයේ පිහිටුවා තිබේ.[2][3][4]
කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේද කුරුඳු වත්ත තුල වෙයි.[5]