කැරිබියානු ගල්පර මෝරා
From Wikipedia, the free encyclopedia
කැරිබියානු ගල්පර මෝරා Caribbean reef shark ("කාකරයිනස් පෙරේසි"-Carcharhinus perezi, often misspelled perezii)[1] කාකරයිනිඩයි කුලයට අයත් රික්වියෙම් මෝරුන් (requiem shark) විශේෂයකි. බොහෝවිට අත්ලාන්තික් සාගරයට අයත් ෆ්ලොරිඩා සිට බ්‍රසීලය දක්වා වූ නිවර්තන ජල කලාපයේ දැකිය හැක. තවද කැරිබියානු මුහුද ආශ්‍රිතව වැඩි වශයෙන් දැකිය හැකි ගල්පර මෝරුන් විශේෂයද වේ. ශක්තිමත් මනා ලෙස හැඩගැන්වුනු ශරීරයකින් යුත් මෙම රික්වියෙම් මෝරුන් එම කුලයටම අයත් අනෙකුත් මෝරුන් වන ඩස්කි මෝරා ( "සී. ඔබ්ස්කියුරස්"-C. obscurus)සහ සිල්කි මෝරා ("සී. ෆැල්සිෆෝමිස්"-C. falciformis)අතරින් වෙනකර හඳුනා ගැනීම දුෂ්කර කාර්යයකි. නමුත් වෙන්කර හඳුනාගතහැකි ලක්ෂණ වනුයේ, කැපී පෙනෙන සලකුනු නොමැති අළු පැහැයෙන් යුත් වරල්, දෙවන පිටුපස වරල කෙලවර කෙටි තුඩ හා දත් වල හැඩය සහ මෝරුන් සමූහය වේ.
කැරිබියානු ගල්පර මෝරා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | කෝඩේටා |
වර්ගය: | කොන්ඩ්‍රික්තියේස් |
උපවර්ගය: | විවෘත ක්ලෝමියා |
ගෝත්‍රය: | කාකරයිනිෆෝර්මීස් |
කුලය: | කාකරයිනිඩයි |
ගණය: | 'කාකරයිනස්' |
විශේෂය: | කා. පෙරේසි |
ද්වීපද නාමය | |
කාකරයිනස් පෙරේසි (Poey, 1876) | |
Range of the Caribbean reef shark | |
පර්යාය නාම(ය) | |
Eulamia springeri Bigelow & Schroeder, 1944 |
දිගින් මීටර් 3 ක් (අඩි 10 ක්) පමණ වන කැරිබියානු ගල්පර මෝරා, ගල්පර පරිසර පද්ධතිය තුල මාලුන් සහ බූවල්ලන් විශාල වශයෙන් ගොදුරු කරගන්නා අග්‍ර විලෝපිකයෙක් ලෙස හැන්ඳින්විය හැක. සාමාන්‍යයෙන් ක්‍රියාකාරී ලෙස පිහිනන මෝරෙකු වශයෙන්, මොවුන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටාවක් ලෙස දැක්විය හැක්කේ, මුහුදු පතුලේ හෝ ගුහාවන් තුල නොසෙල්වී සිටිනු දක්නට ලැබීමයී. යම් අනතුරු හැඟවීමකදී මොවුන් ලය වරල් පහතට හෙලීමකින්ද ගමන් ගන්නා දිශාව වෙනස් කිරීමකින්ද ගර්ජන විදහා දැක්වීමක් පෙන්නුම් කරයි. අනෙකුත් රික්වියෙම් මෝරුන් විශේෂ මෙන් මොවුන් ජලාබුජ ගණයට අයත් වන අතර ගැහැණු සත්වයා විසින් අවුරුද්දකට පැටවුන් 4–6 අතර ප්‍රමාණයක් ප්‍රසූත කරයි. කැරිබියානු ගල්පර මෝරුන් ධීවර කර්මාන්තයේදී වැදගත් කමක් උසුලන්නේ මාංස, පදම් කල සම්, පීකුදු තෙල් වැනි ද්‍රව්‍ය ලබාගැනීමට වන අතර, නමුත් නොබෝදා සිට සංචාරක ආකර්ෂණයක් ලෙස වැඩි වටිනාකමක් දිනා ඇත. "මෝරුන් පෝෂ්‍ය කිරීම" සඳහා ඔවුන් සමූහයා වශයෙන් ආකර්ෂණය කරගැනීමට බහමාස් සහ එයින් ඔබ්බට ඇති රටවල් විසින් විවිධ ගොදුරු යොදාගැනීම මතභේදයට තුඩුදුන් කරුණක් වේ. මෙම විශේෂය මෝරුන්ගෙන් මිනිසා මත සිදුවූ ආක්‍රමණ සුලු ප්‍රමාණයකට වගකිව යුතුවේ.