කැනේඩියානු රැවටිල්ල
From Wikipedia, the free encyclopedia
1979 නොවැම්බර් 4 දිනදී ඉරානයේ, ටෙහෙරානයේ, එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලය අල්ලාගැනීම හා ඉස්ලාමීය ශිෂ්‍යයන් සහ සටන්කාමීන් විසින් මහ කොමසාරිස් කාර්යාල කාර්ය මණ්ඩලය ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගැනීමේදී, ග්රහණයෙන් මිදී පලායෑමට සමත්වූ ඇමරිකානු තානාපති නිලධාරින් සය දෙනා මුදවා ගැනුමට කැනේඩියානු රජය සහ මධ්‍යම රහස් තොරතුරු කාර්යාංශය (සීඅයිඒ) විසින් ඒකාබද්ධව රහසේ ක්‍රියාත්මක කල මෙහෙයුම සඳහා යෙදෙන ප්‍රචලිත නම "කැනේඩියන් කේපර්" හෙවත් "කැනේඩියානු රැවටිල්ල" යනු වෙයි.[1]
"රැවටිල්ල" හා සම්බන්ධ වූයේ ආර්ගෝ නම් කාල්පනික විද්‍යා ප්‍රබන්ධ චිත්රපටයෙහි දර්ශනයක් රූගත කිරීමට සුදුසු ස්ථානයක් සඳහා විපරම් කිරීම නිමකල, කැනේඩියානුවන් සය දෙනෙක්, අයිරිෂ් ජාතිකයෙක් සහ එක් ලතින් ඇමරිකානුවෙකුගෙන් ව්‍යාජ ලෙස සමන්විතවූ චිත්‍රපට නිෂ්පාදක පිරිසක් සුසැදීමට තානාපති නිලධාරින් සය දෙනා හා සම්බන්ධ වූ (ටෝනි මෙන්ඩෙස් සහ "ජූලියෝ" යනුවෙන් හැඳින්වුනු තවත් පුද්ගලයෙක්) සීඅයිඒ නියෝජිතයන් දෙදෙනෙකි. 1980, ජනවාරි 28 දින උදෑසනෙහිදී, ටෙහෙරානයේ මෙහ්රබාඩ් ගුවන් තොටුපොළෙහිදී මෙම ව්‍යාජය ක්‍රියාත්මක කෙරුණි. ස්විට්සර්ලන්තයේ සූරිච් වෙත වූ ස්විස්එයාර් පියාසැරිය වෙත සාර්ථක ලෙසින් ගොඩනැගුනු ඇමරිකානුවන් අටදෙනා, ඉරානයෙන් පලා යෑමට පොහොසත් වූහ.[2]