කැටයම් ගලින් නෙලන ලද
From Wikipedia, the free encyclopedia
ගල් කැටයම් යනු පාෂාණයක මතු පිට කොටස කෙටීමෙන්, සීරීමෙන් හෝ කැටයම් කැපීමෙන් ඉවත් කර නිර්මාණය කරන ලද රූප සටහන්ය. උතුරු ඇමරිකාවෙන් පරිබාහිර සිසුන් මේ සඳහා කැටයම් කැපීම , අකුරු කෙටීම වැනි වදනක් භාවිතා කරති. ගල් කැටයම් ලෝකය පුරා ව්‍යාප්තව ඇති අතර බොහෝ විට ප්රාග් ඓතිහාසික මානවයා මේවා හා සම්බන්ධය. ග්රීකවදන් වන පෙට්රෝස් ගල සහ ගිල්පීන් (කැටයම් කැපීම ) යන වචන වලින් මෙම පෙට්‍රෝගිල්ප් යන වචනය සෑදී ඇත.( එය මුලින්ම භාවිතා වූයේ ප්‍රංශයේ පෙට්‍රෝගිල්පී ලෙසය).
පෙට්‍රෝගිල්ප් (ගල් කැටයම් ) යන වචනය ගල් පොත්තක අඳින ලද හෝ පාට කරන ලද පික්චොග්රාෆ් (පින්තූරය) යන වචනය සමග පටලවා නොගත යුතුය. නමුත් මෙම රූපණ වර්ග ද්විත්වයම අයත් වන්නේ ශෛල කලාව යටතටයි. “පෙට්රෝ ෆෝම්ස්” හෙවත් විශාල ගල් කුළු හෝ පර්වතවල කරන ලද මෝස්තර හා හැඩතලද බොහෝ වෙනස්ය. “ඉනක්ෂක්” ද අද්වීතීයයි. ඒවා ප්‍රධාන වශයෙන් සොයා ගන්නා ලද්දේ ආක්ටික් ප්‍රදේශයෙනි.