කාබන් ඩයොක්සයිඩ්
මිනිසාට අහිතකර, ඔක්සිජන් හා කාබන් සංයෝගයක් / From Wikipedia, the free encyclopedia
කාබන් ඩයොක්සයිඩ් යනු ඔක්සිජන් පරමානු දෙකක් කාබන් පරමානුවක් සමග සහසංයුජ බන්ධනයක් මගින් බැඳීමෙන් ඇතිවන රසායනික අනුවකි. සම්මත උෂ්නත්වය හා පීඩනය යටතේ එය වායු අවස්තාවේ පවතී. මෙය වැදගත් හරිතාගාර වායුවක් වන අතර අධෝරක්ත අවශෝෂණය කරන නමුත් දෘෂ්‍ය ආලෝකය මුදා හරියි. සියලූම ශාක සතුන් දිලීර හා ක්ෂුද්‍ර ජීවීන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් මුදාහරිති. එය ප්‍රභාසංස්ලේෂණය සඳහා ශාක විසින් යොදා ගනියි. එමනිසා මෙය කාබන් චක්‍රයේ වැදගත් අංගයකි. ෆොසිල ඉන්ධන දහනයේ අතුරුඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් ඇතිවේ. ගිනිකඳු හා උණුදිය උල්පත් වැනි ප්‍රභවයන් හරහා ද කාබන් ඩයොක්සයිඩ් ස්වභාවිකව පිටවේ. සෙල්සියස් -78 දී කාබන් ඩයොක්සයිඩ් ඝන තත්වයට පත් වන අතර එය වියළි අයිස් ලෙස හැඳින්වේ. කාබන් ඩයොක්සයිඩ් ආම්ලික ඔක්සයිඩයකි. එය නිල් ලිට්මස් රතු පැහැ ගන්වයි.
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |