ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලයක පටන් පවතින්නේ මිත්‍රශීලී සම්බන්ධතාවයකි. නමුත් ශ්‍රී ලංකාවේ ඇති වූ සිවිල් යුද්ධයේ සමහර කාරණා පිළිබඳ දෙරට අතර මතභේද පවතියි. ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා ඉන්දියාව වන අතර දෙරට එකිනෙක වෙන්වන්නේ පෝක් සමුද්‍ර සන්ධිය හරහායි. දෙරටම භූ ගෝලීයව දකුණු ආසියාව තුල උපක්රමශීලීව වැදගත් ස්ථාන වල පිහිටා තිබීම නිසා, ඉන්දියන් සාගරයේ පොදු ආරක්ෂක ඡත්රයක් (common security umbrella) නිර්මාණය කිරීමට දෙරටේම අවධානය යොමුව තිබෙයි.[1] ඉතිහාසමය සහ සංස්කෘතිකමය වශයෙන්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වැදගත් සම්බන්ධතා පවතී. වර්ථමාන ශ්‍රී ලාංකිකයින්ගේන් 70% පමණ දෙනා ථේරවාදී බෞද්ධයෝ වෙති.