ඇමරිකානු සිවිල් යුද්ධයේ සංගීතය
From Wikipedia, the free encyclopedia
ඇමරිකානු සිවිල් යුද්ධය අතරතුර, එම අර්බුදයේ දෙපාර්ශවය වූ රාජ්‍ය පාර්ශවය සහ ගිවිසුමෙන් බැදුනු පාර්ශවය යන දෙකොටසම උදෙසා සංගීතය සැපයීමේ කාර්යය කැපීපෙනෙන අංගයක් විය.ඇමරිකානු සිවිල් යුද්ධයේ යුද්ධභූමිය මත,ආචාරපෙළපාලි විධාන ලබාදීමට හෝ සමහර අවස්ථාවන් වලදී හමුදා සෙබළුන් දිරිගැන්වීම සඳහා හොරණෑ , බෙර, සහ නළා , වැනි විවිධ සංගීත භාණ්ඩ වාදනය කරන ලදී. යුද්ධ කිරීමෙන් ඇතිවන ආතතියෙන් මිදීම සඳහා ගායනය යොදාගත් අතර එය රැකියාවක් ලෙස ප්‍රතිස්ථාපනය කරන ලදී. කඳවුරු වලදී සෙබළුන්ට ලේ වැගිරීම් අමතක කරවීමට , නිවස බලා යෑමට ඇතිවන ආශාව අවම කරවීමට සහ පීඩාවෙන් මිදීමට සංගීතය උපකාරී විය.දෙපසම සෙබළුන් සංගීත භාන්ඩ භාවිතාකරමින් විනෝදාත්මක කටයුතු වල යෙදුනු අතර ඔවුනොවුන් ඉතා ආසන්නව සිටින අවස්ථාවල යුද්ධයට පෙර දින රාත්රියේදී ඔවුන්ගේ සංගීත කණ්ඩායම් එකිනෙකාට එදිරිව සංගීතය වාදනය කරන ලදී.
සෑම කණ්ඩායමක්ටම ඔවුන්ගේ කැමතිම තාල තිබුණු අතර සමහර සංගීතයන් උතුරුදිග වාසීහු හා දකුණුවාසීහු එක ලෙස රසවින්දේය.උදාහරණයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ ඩික්සී ගීතයට තිබූ ඇල්ම ගතහැකි අතර එය තාවකාලික එක්සත් වීමේ නිළනොවන ජයගීතය සලකනු ලැබිණි. මෙම දිනවල බහුතරයක් ගීත ගායනා කරන ලද්දේ දේශප්‍රේමිත්වය වර්ධනය කිරීමට අවශ්‍ය වූ විටයි. මෙම යුද්ධය හා බැඳුණු සංගීතය ලින්යර්ඩ් ස්කයින්යර්ඩ් සහ එල්විස් ප්‍රෙස්ලි වැනි සංගීතඥයින් දිරිගන්වන ලදී.