ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය
From Wikipedia, the free encyclopedia
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය යනු, පුරාතන ඇනලොග් පරිගණකයක්[1][2][3][4] වන අතර, දින දර්ශනමය සහ ජ්‍යෝතිෂමය කටයුතු සඳහා තාරකා විද්‍යාත්මක ස්ථාන සහ ග්‍රහණ පිළිබඳව [5][6][7]මෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උත්සව හා බැඳි පුරාතන ඔලිම්පික් ක්‍රීඩා උත්සවයන්හී කාලක්‍රමය පිළිබඳවද [8]පුරෝකථනයන් සිදු කිරීමට සැලසුම් කර තිබුණි.
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය | |
---|---|
Αντικύθηρα | |
ලේඛනය | පුරාතන ග්‍රීසිය |
යුගය/සංස්කෘතිය | හෙලනිස්තික |
සොයාගනු ලැබූයේ | 1901 ඇන්ටිකිතෙරා, ග්‍රීසිය |
වර්තමාන පිහිටුම | ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය, ඇතන්ස් |
340 මිමී × 180 මිමී × 90 මිමී ලී පෙට්ටියක බහා ලා තිබූ මෙම උපකරණය, ඇමිණුනු පිත්තල ගියර අවම වශයෙන් 30 ක් වෙතින් සමන්විත වී තිබුණු ඔරලෝසුවක් වැනි යන්ත්‍රයක් ලෙසින් ක්‍රියාකරන සංකීර්ණ යාන්ත්‍රණයක් විය. සොයාගන්නා විට, එහි ශේෂයන් එක ගොන්නක් ලෙසින් පැවති අතර, පසුව කොටස් තුනකට වෙන් කරන ලදුව, සංරක්ෂණ කටයුතු වලින් පසුව, වර්තමානයෙහි විභින්න කොටස් 82 කට බෙදා ඇත. මෙම කොටස් අතුරින් සතරක් තුල ගියර දක්නට ලැබෙන අතර, අනෙක් බොහෝ ඒවායේ කොටන ලද අක්ෂර හා සංකේත දක්නට ඇත.[9][10] විශාලතම ගියරය (දකුණු පසින් දක්වා ඇති A කොටසෙහි පැහැදිලිව පෙනෙයි), දළ වශයෙන් 140 මිමී පමණ විෂ්කම්භයකින් යුතු වන අතර මුලින්ම එහි දැති 223 තිබී ඇත.
මෙම මානවකෘතිය බොහෝ විට 1901 ජූලි මාසයේදී[11] ඇන්ටිකිතෙරා නම් ග්‍රීක දිවයින අසබඩ මුහුදේදී සොයාගත් ඇන්ටිකිතෙරා බුන් නැව් බඩු වෙතින් ඉස්මතු වන්නට ඇත.[12] ග්‍රීක විද්‍යාඥයින් විසින් සැලසුම් කොට තැනූවක් ලෙසින් සිතන මෙය, ක්‍රිපූ 150 සිට 100 අතරතුර කාල සීමාවක් වෙත හෝ,[5] වඩා මෑත මතයකට අනුව ක්‍රිපූ 205 වෙත හෝ කාල නිර්ණය කර තිබුණි.