ඇඩොල්ෆ් ෆ්රයිහර් නිග්
ජර්මානු ෆ්රීමේසන් වරයෙකු හා ඉලුමිනටි සාමාජිකයෙක් / From Wikipedia, the free encyclopedia
ෆ්රයිහර් ඇඩොල්ෆ් ෆ්රෑන්ස් ෆ්රෙඩ්රික් ලුඩ්ව්න්ග් නිග්(16 ඔක්තෝම්බර් 1752 6 මැයි) ජර්මානු ලේඛකයෙකු ,ෆ්රීමේසන් වරයෙකු සහ ඉලුමිනටි පිළිවෙතේ උසස් සාමාජිකයෙකුද විය.
නිග් උපත ලැබුවේ බ්රේඩේන්බෙක්(අද වෙනිග්සන්,පහල සක්සොනි) හි හනොවර් ආසනයේ අඩු වංශවත් සාමාජිකයෙක් ලෙසයි. යාන්තම් වයස එකොළහක් වන විට තම මව මිය යනවා ඉන් වසර තුනකට පසුව තම පියාගේත් මියයාම නිසා විශාල නය බරක් තම හිස මත පැටවෙනවා. නයදුන් පුද්ගලයන් පවුලේ සියලුම වත්කම් අත්පත් කරගන්නා අතර කුඩා දරුවාට තෙලර් 500ක වැටුපක් ලබාදෙනවා.[1]
1769 සිට 1772 දක්වා ඔහු ගොටින්ගන් හි නීථිය හදාරන අතරතුර හැනොවෙරා බලකායේ සාමාජිකයෙකුද වනවා.1772 දි ඔහුව ෆ්රීමේසන්වරු කසෙල් හි උසාවි ස්කුවයර් කෙනෙක් ලෙස හා යුද භාණ්ඩාගාරික ලෙස පත් කරනවා. 1777 දි ඔහු වෙයිමර් උසාවියේ භාරකරු ලෙස පත්වෙනවා.
1780 දි ඔහු වයිස්හාප්ට් ගේ බවාරියානු ඉලුමිනාටි පිළිවෙත සමග සම්බන්ද වන අතර ඔහුගේ ක්රියාකාරකම් කණ්ඩායමට ජනප්රියත්වයක් අත්කර දෙනවා.නමුත් 1783 දි නිග් හා වයිස්හාප්ට් අතර මතබේදයක් ආරම්බ වෙනවා මෙය හේතුවෙන් 1784 ජුල්ය් 1 වන දින නිග් කණ්ඩායමෙන් ඉවත් වෙනවා.
නිග් ඉලුමිනාටි සමග සම්බන්ධවීම, මානව හිමිකම් ප්රවර්ධනය කිරීම සදහා දායක වෙනවා. නමුත් බරපතල අසනීප තත්ත්වයන් පසු වූ ඔහුට රදලයන්ගේ අනුග්රහය අහිමි වෙනවා . අවසානයේ ඔහුගේ ධනය අහිමි විය. ඔහු 1796 දී බ්රෙමෙන් හි මිය ගියේය.
ජර්මනියේ ඔහුගේ ජනප්රියම පොතක් වනුයේ Über den Umgang mit Menschen (මිනිස් අයිතිවාසිකම්) ය.මෙය නිසා ජර්මානු වචනයක් වන "Knigge"(නිග්) හි අර්ථය "හොඳ පුරුදු" ලෙස භාවිත කරයි.