අෂුර්බනිපාල්ගේ සිංහ දඩයම
From Wikipedia, the free encyclopedia
අෂුර්බනිපාල්ගේ රාජකීය සිංහ දඩයම යනුවෙන් හැඳින්වෙන්නේ නිනේවේ උතුරු මාලිගයට අයත් සුප්‍රකට ඇසිරියානු මාලිග උන්නත කැටයම් සමූහයකි. වර්තමානයේ මෙම කැටයම් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ 10a කුටියේ ප්‍රදර්ශනයට තබා ඇත. මේවා "ඇසිරියානු කලාවේ අනර්ඝ අග්‍ර කෘතියක්" ලෙස පුළුල්ව පිළිගැනේ.[1] මෙමගින් අෂුර්බනිපාල් (රාජ්‍ය ක්‍රි.පූ. 668 – 631/627 පමණ) රජු සිය අංගණයෙහි චාරිත්‍රානුකූල "දඩයමේ" නිරතවනු නිරූපිත ය. මෙහි දී හසු කරගත් ආසියානු සිංහයන් කූඩුවල සිට ඊතල, හෙළි හෝ ඔහුගේම අසිපතින් කෲර ලෙස මරාදැමීම පිණිස නිදහස් කරනු ලබයි.[2] මේවා නිර්මාණය වූයේ ක්‍රි.පූ. 645–635 පමණ කාලයේ ය. ඒවා මාලිගය අවට ස්ථානගත කොට තිබෙන්නට ඇත. මේවා මුලින් වර්ණගන්වා තිබෙන්නට ඇති අතර, එමගින් දීප්තිමත් ලෙස වර්ණගැන්වූ සමස්ත මාලිගා පසුතලය නිර්මාණය වන්නට ඇත.[3]
උතුරු මාලිගයෙන් මෙම පුවරු කැනීම් කොට සොයාගන්නා ලද්දේ 1852-54 අතර කාලයේ හෝර්මුස්ද් අසාම් විසින් සහ in 1854–55 අතර කාලයේ විලියම් ලොෆ්ටස් විසිනි. අනතුරුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත රැගෙන යන ලදුව,[4] මේවා මහජනයාගේ සහ කලා ඉතිහාසඥයන්ගේ ප්‍රියතම කලා කෘති බවට පත්ව ඇත. සිංහයන්ගේ ඇති ස්වාභාවික ගුණාංග නිරතුරුවම ඇගයුමට ලක් විය. නමුත් අනුකම්පා සහගත නූතන විචාරකයින් විසින් මෙය ඇසිරියානු ප්‍රතිචාරයේ කොටසක් නොවන බව සැලකීමට උත්සාහ දරන ලදී. මිනිස් රූ බොහෝමයක් පාර්ශ්වික රූපික ඉරියව්වලින් යුතු අතර, රජු විවිධ අයුරින් පෙනී සිටියි. සිංහ රූ විවිධත්වයකින් යුතුව නිර්මාණය කොට ඇති අතර, එහි ජීවත් වන, මියයමින් සිටින සහ මියගිය සිංහ රූ දක්නට ලැබේ.[5]
මෙම කැටයම් නිර්මාණය වූයේ ඇසිරියානු මාලිග කැටයම් නිර්මාණය ඇරඹී වසර 250කට පමණ පසුව වන අතර, මෙමගින් පරිහානියට පෙර එය උච්චතම සහ අනර්ඝතම අවධිය කරා ළඟා වූ ආකාරය නිරූපණය කරයි.[6] අෂුර්බනිපාල් අවසන් ශ්‍රේෂ්ඨතම ඇසිරියානු රජු වූ අතර, ඔහුගේ රාජ්‍ය සමයයෙන් පසුව නව-ඇසිරියානු අධිරාජ්‍යය නිමා විය. අනතුරුව ඔහුගෙන් පැවතෙන්නන් සහ සෙන්පතීන් අතර සිවිල් යුධ සහ කැරලිවලින් ගහන වූ අල්ප ලෙස වාර්තාගත යුගයක් ඇරඹිණි. 612වන විට, ඇතැම්විට මේවා නිර්මාණය වී වසර 25කට පමණ පසුව, අධිරාජ්‍යය බිඳවැටුණු අතර, නිනේවේ ගිනිබත් විය.[7]