අන්නාපූර්ණ
උතුරු මැද නේපාලයේ පිහිටි හිමාල කඳු වැටිය / From Wikipedia, the free encyclopedia
අන්නාපූර්ණ (සංස්කෘත, නේපාල, නේපාල භාෂා: अन्नपुर्ण) යනු, උතුරු-මැද නේපාලයෙහි පිහිටි හිමාලය කඳුවැටියෙහි කොටසක් වන අතර, උස 8,091 මී (26,545 අඩි) ක් වන අන්නාපූර්ණ I, උසින් 7,000 මී (22,970 අඩි) ඉක්මවන තවත් ශිඛර දහතුනක් සහ උසින් 6,000 මී (19,690 අඩි) ඉක්මවන තවත් ශිඛර 16 ක් එයට අඩංගු වෙති. [3] මෙම කොටස වනාහී, 55 කිමී-දිගු (34 සැත-දිගු) කුළු කන්දක් වන අතර, බටහිරින් කාලි ගන්ඩකී දොරුව වෙතින්ද, උතුරින් හා නැගෙනහිරින් මාෂ්යන්ග්දි ගංගාවෙන්ද, දකුණින් පෝකරා නිම්නය වෙතින්ද මායිම් වෙයි. පෘථිවියෙහි අටදහස්වැන්නන් දහහතර අතරින්, අන්නාපූර්ණ I ශිඛරය දසවැන්න වෙයි. මීටර 8167 උසැති ධවලගිරි I පැනනගින්නේ, පෘථිවියෙහි ගැඹුරුතම අගාධය ලෙසින් සැලකෙන කාලි ගන්ඩකී දොරුව එතරින්, 34 කිමී දුරක් බටහිර දෙසට වන්නටය.
අන්නාපූර්ණ | |
---|---|
උසම ස්ථානය | |
උස | 8,091 m (26,545 ft) ශ්‍රේණිගතය 10වන |
Prominence | 2,984 m (9,790 ft) [1][2] ශ්‍රේණිගතය 94වන |
Isolation | 34 කිලෝමීටර (21 mi) |
Parent peak | චො ඔවු |
Listing | අටදහස්වැන්න අධි |
Geography | |
Location | ගන්ඩකී කලාපය, නේපාලය |
State/Province | NP |
Parent range | හිමාලය කඳුවැටිය |
Climbing | |
First ascent | 3 ජූනි 1950 මොරිස් හර්සොග් සහ ලුවී ලෂෙනල් (පළමු ශිශිර නැගීම 3 පෙබරවාරි 1987 ජර්සි කුකුෂ්කා සහ ආටර් හජ්සර්) |
Easiest route | හිම/අයිස් නැගුම |
අන්නාපූර්ණ යනු, "ආහාර සපිරි" යන අර්ථය වචනානුසාරයෙන් දෙන සංස්කෘත නාමයක් වුවද, එය සාමාන්‍ය ලෙසින් පරිවර්තනය කෙරෙන්නේ අස්වැන්නේ දෙවඟන ලෙසිනි. හින්දු ආගමෙහි, අන්නාපූර්ණ යනු "... සාර්වත්‍ර සහ අකාලික මුළුතැන්ගේ-දේවතාවිය ... පෝෂණය ලබා දෙන මාතාව වෙයි. ඇය නොමැති නම්, සාර්වත්‍ර භීතිකාවක් වන, හාමත ඇති වෙයි: මේ නිසා අන්නාපූර්ණ සාර්වත්‍ර දේවතාවියක් වෙයි ...ඇයගේ වඩාත් ජනප්‍රිය සිද්ධස්ථානය පිහිටා ඇත්තේ, ගංගා නම් ගඟෙහි ඉවුරෙහි පිහිටි කාෂි නගරයෙහිය." ආහාර (ධනය) ලබා දීම හා ඇයගේ සබැඳියාව නිසා කලක් ගතවත්ම, ධනයේ දෙවඟන ලක්ෂ්මී බවට ඇය පරිනාමනය විය.[4]
සම්පූර්ණ කුළු කන්ද සහ එය වටා ඇති ප්‍රදේශය, 7,629 කිමී2 භූමිභාගයක පැතිරි පවතින, නේපාලයේ පළමු සහ විශාලතම රක්ෂිත ප්‍රදේශය වන අන්නාපූර්ණ රක්ෂිත ප්‍රදේශය තුල රක්ෂණය වෙයි. අන්නාපූර්ණ රක්ෂිත ප්‍රදේශය තුල, අන්නාපූර්ණ මං පෙත ඇතුළු ලෝක-තත්ත්වයේ මංතලව් කිහිපයක් පිහිටයි.
අන්නාපූර්ණ ශිඛර, කඳු නැගීම අතින් ලොව අති-භයානකම කඳු අතරට ගැනෙන මුත්, මෑත ඉතිහාසය අනුව, එනම් 1990 වසර සහ ඉන්පසු දත්ත පමණක් සැලකිල්ලට ගත් කල, මාරක අනතුරු ගෙන ඒම අතින් වැඩිම වන්නේ කංචෙන්ජන්ගා කන්ද බව සැලකෙයි.[5] 2012 මාර්තු වන විට, අන්නාපූර්ණ I වෙත මස්තක නැගුම් 191 වී ඇති අතර, කන්දෙහිදී නැගුම් මාරක අනතුරු 61 ක් සිදුවී ඇත.[6] මෙම මාරක අනතුරු-මස්තක නැගුම් අනුපාතය (32%), අටදහස්වැන්නන් අතරෙහි විශාලතමය වෙයි.විශේෂයෙන්ම, දකුණු මුහුණත ඔස්සේ කඳු නැගීම, සමහරෙක් විසින් සැලකෙන්නේ, සමස්ත නැගුම් අතුරින් වඩාත් අපහසුතම නැගුම් බවයි. 2014 ඔක්තොම්බර් මාසයේදී, අන්නාපූර්ණ අවට ඇතිවූ හිමකුණාටු සහ හිමධාවයන් නිසා, අඩුම වශයෙන් 39 දෙනෙක් මිය ගිය අතර, එය නේපාලයේ මෙතෙක් ඇතිවූ දරුණුතම මං තරණ ව්‍යසනය ලෙසින් සැලකෙයි.[7]