අධිතප්ත හුමාලය
From Wikipedia, the free encyclopedia
අධිතප්ත හුමාලය (ඉංග්‍රීසි: Superheated steam) යනු, උෂ්ණත්ව මිනුම ගන්නාවූ නිරපේක්ෂ පීඩනයෙහිදී එහි වාෂ්පිකරණාංකයට (තාපාංකය) වඩා ඉහළ උෂ්ණත්වයක පවතින හුමාලය වෙයි; එබැවින්, වායුවක සිට සන්තෘප්ත වාෂ්ප සහ ද්‍රව මිශ්‍රණයක් දක්වා අවස්ථාව වෙනස් නොවන පරිදී (එනම් ඝනීභවනය නෙවෙන පරිදී) එහි උෂ්ණත්වය පහත හෙලමින්, යම් ප්‍රමාණයකට හුමාලය සිසිල් විය (එනම් එහි අභ්‍යන්තර ශක්තිය පැහැදම් විය) හැකි වෙයි. නියත පීඩනයක් තුලදී, සන්තෘප්ත හුමාලය (වායු සහ සන්තෘප්ත වාෂ්ප යන දෙකෙහිම මිශ්‍රණයක්) රත් කළහොත්, එහි උෂණත්වයද නියතව පවතින්නේ, වාෂ්ප ගුණත්වය (වියලි බව හෝ, සන්තෘප්ත වාෂ්ප අන්තර්ගතයෙහි ප්‍රතිශතය) 100% දෙසට ඉහළ යමින්, වියලි (එනම්, සන්තෘප්ත ද්‍රව නොමැති) සන්තෘප්ත හුමාලය බවට පත් වන බැවිනි. තාපන ප්රදානය දිගටම පවත්වා ගෙන ගියහොත්, වියලි සන්තෘප්ත හුමාලය "අධි" තප්ත වෙයි. මෙය සිදුවන්නේ, සන්තෘප්ත හුමාලය විසින් ඉහළ උෂ්ණක්ව පාෂ්ඨයක් ස්පර්ශ කළ විටෙකදීය.